• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ හදිසි කැබිනට් රැස්වීම…….!

15 September 2018
in දේශීය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ කැඳ වු විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් කර ඇති බව වාර්තා වේ. පළමුවෙන්ම ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇත්තේ පොලිස්පතිවරයාගෙන් ගෙවුණු වසර තුන තුළ සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙනි.

ලංකාවේ ඉතා ජනප්‍රිය මාතෘකාව වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ප්‍රමුඛ අපරාධ සම්බන්ධව අද වනතුරුත් නඩු පවරා නැති බවත් වරන්වර විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් ප්‍රශ්න කර ඇප මත මුදා හැර ඇති බවත් රහස් පොලීසිය එක නඩුවක් හෝ දැමීමට කටයුතු කර නොමැති බවත්ය.

මේ නිසා රජය පිලිබඳ ජනතාවගේ විශ්වාසය පලුදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ, අමල් කරුණාසේකර මහතා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් මාස 5කට පමණ පසුව කිසිදු චෝදනා පත්‍රයක් නොමැතිව නිදහස් කර තිබෙනවා.

“මෙය බරපතල වරදක්“ ලෙස සඳහන් කළ ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමේදී ඔහුට නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කර තිබෙනවා. මෙවැනි සිදුවීම් නිසා ත්‍රිවිධ හමුදාව තුළ බරපතල මානසික කඩා වැටීමක් සිදු විය හැකිය.

ඉන් අනතුරුව සිසුන් 11දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඇප මත නිදහස් කරමින් එක් පුද්ගලයෙකු පමණක් මේවන විට අත්අඩංගුවේ පසු වෙනවා. අත්අඩංගුවට ගෙන මරා දැමූවා යැයි කියන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ඇප මත නිදහස් කර තිබෙනවා. දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයා වන “නේවි සම්පත්“ විදේශ ගත කිරීමට වත්මත් ආරක්ෂක මාණ්ඩලින ප්‍රධානි එවකට නාවික හමුදාපති රවී විජේගුණවර්ධන කිසිදු ප්‍රකාශයක් සටහන් නොකර ගෙන අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට උසාවියෙන් වරෙන්තුවක් ගෙන පොලිස්පතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ජනාධිපතිවරයාවත් දැනුවත් නොකර අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ නම් ප්‍රශ්න කරන්නේ නම් සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාව, ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කළ යුතු බව තීරණය කරුනු ලැබීය.

 

Post Views: 12
Previous Post

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා –  සුනිල් හඳුන්නෙත්ති කියයි 

Next Post

ලංකාවට එන්න බෑ – ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරින් කියයි

editor

editor

Next Post

ලංකාවට එන්න බෑ - ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved