27 April 2024
#දේශීය

ජනපති අගමැති එක්වීම රටට හොඳක් – ඇමැති දුමින්ද කියයි 

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ගොවියා ආරක්ෂා කරමින්, ගොවියාට වතුර ටික ලබා දෙමින්, වගාව ශක්තිමත් කරමින් තමයි මේ රට පාලනය කරන්නේ බවත් අගමැතිවරයා වෙළඳාම, විවෘත ආර්ථිකය ගැන කථා කරන අතර එයින් රටට හොඳක් සිදුවන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විලච්චිය ප්‍රදේශයේදී ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” මේ යහපාලන ආණ්ඩුවේ අගමැතිතුමා වෙළඳාම, විවෘත ආර්ථිකය ගැන කථා කරනවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් කෘෂිකර්මාන්තය ගැන කථා කරනවා.ඒ විදිහට  ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා ගොවිතැන ගැන, නව ආර්ථිකය ගැන කථා කරනවා.මේ දෙකම වෙනවා කියන්නේ රටට හොඳයි.අද ගොවිතැනත්, කර්මාන්ත ඇතුළු නව ආර්ථික ක්‍රමයන් ගැන කථා කරනවා.අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා වැඩි වැඩියෙන් ගොවිතැනට නායකත්වය ලබා දෙන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *