• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති පවසයි

7 May 2020
in දේශීය

නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පවරන බවත් කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රථම සාකච්ඡාවේදීය.

මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව රාජපක්ෂ මහතා පැවසීය.

COVID 19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

COVID 19 මර්දනයට ශ්‍රී ලංකාව ගත් විධිමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන්වා දෙමින් දේශීය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා (medical tourism) සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට පිළිවන.

අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය සහතිකයක් සමග වීසා නිකුත් කර වැඩියෙන් වියදම් කිරීමේ හැකියාව ඇති සංචාරකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළයුතුය.

ඇතැම් රටවල සංචාරකයෝ ශීත සෘතුවේ දී දිගුකාලයක් සඳහා වෙනත් රටවලට යති. එවැනි සංචාරකයන් ඉලක්ක කර දිගුකාලීන සංචාරකයන් (long term Tourists) ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දේශීය සංචාරක ව්‍යාපාරය (domestic tourism) ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද කෙරෙහි ද අවධානය යොමු විය.

වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍ර කර ගනිමින් විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදේශ ණය වෙනුවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුම් කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරනු ලැබීය.

ගත වූ සති කිහිපය තුළ නව නිර්මාණ රැසක් මෙරටින් බිහිව තිබේ. ඒවා ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ජනාධිපතිවරයාගේ අරමුණු ඉටුකර ගැනීමට නව දැක්මක් මත කටයුතු කිරීමට තම ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තිය ඇති බව සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන මහා, මධ්‍ය, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට රජයේ සහාය පූර්ණව ලබාදීමට තම බලකාය මැදිහත්වන බව කාර්ය සාධන බලකායේ ප්‍රධානියා කීය.

මැයි 11 දා සිට පෞද්ගලික ආයතනවල කාර්යාල පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස දැනුම් දී තිබුණ ද කර්මාන්ත කටයුතු සිය අවශ්‍යතාව මත පවත්වාගෙන යා හැකිය.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවයේ නිරත කිසිදු අයෙකුට රැකිය අවස්ථා අහිමි නොවී රට ඉදිරියට ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ගද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල පිරිසක් ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇති බව මෙරටට පැමිණීමට කර ඇති ඉල්ලීම් මගින් අනාවරණය වී තිබේ. ඉන් රටින් පිටව ගිය විනිමය සංචිත අතිවිශාලය. උසස් අධ්‍යාපන ආයතන සදහා ආයෝජන අවස්ථා පුළුල් කර එම මුදල් මෙරට රඳවා ගැනීමට ඇති හැකියාව මෙන්ම විදේශ රටවල සිසුන් ද මෙරටට ගෙන්වා ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කෙරේ. ඉන් බොහොමයක් ඖෂධ මෙරටදී නිෂ්පාදනය කළ හැකිය. ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකිම ද ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ වර්ග රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

 

 

දිලිනි සමන්මලි

 

Post Views: 4
Previous Post

11 වෙනිදා සිට ජන ජීවිතය යථාවත් වන්නේ මෙහෙමයි

Next Post

කොරෝනා වෛරසය මර්ධනයට නව නිපැයුම් රැසක්

editor

editor

Next Post

කොරෝනා වෛරසය මර්ධනයට නව නිපැයුම් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved