27 April 2024
#දේශීය

11 වෙනිදා සිට ජන ජීවිතය යථාවත් වන්නේ මෙහෙමයි

මේවන විට දැඩි ලෙස සීමා කර තිබෙන  දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

එළැඹෙන සඳුදා (11) සිට  ක්‍රියාවට නැංවෙන ජන ජීවිතය යථාවත් කිරීමේ  රජයේ වැඩපිළිවෙළ අනුව මේ ද ක්‍රියාවට නැගෙනු ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇති ආකාරයට මීට අදාළ ගැසට් පත්‍රයක් ද මේ වන විට සැකසෙමින් තිබෙන අතර   එළැඹෙන සෙනසුරාදා (09) වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලධාරීන් ක්‍රියා කරනු ඇත.

ආසාදිත නොවන කලාපයක සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලු සහගත නොවන බවත් තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නැති බවත් සෞඛ්‍ය බලධාරීන් ගේ අවධාරණය වී තිබේ.

මේ අතර 11 වැනිදා සිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘත කර පවත්වාගෙන යන ක්‍රියාවලියේදී ආයතන වෙත කැඳවිය හැක්කේ සේවකයින්ගෙන් තුනෙන් එකක් වන අතර අදාළ ආයතනයෙන් ඊට අදාළව සේවකයාගේ විස්තර සඳහන් කරන ලිපියක් සේවකයා වෙත යොමු කළ යුතු වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මුල් අවස්ථාවේදී මෙම ලිපිය සේවකයා වෙත ලබා ගැනීම අපහසු විය හැකි බැවින් ආයතනය විසින් එලෙස සකස් කරන ලද ලිපියේ ඡායාරූපයක් සේවකයාගේ ඡංගම දුරකතනය වෙත එවීමෙන් එම ඡායාරූපය මාර්ග බාධකවල රාජකාරී කටයුතු කරන පොලිස් නිළධාරීන්ට පෙන්වා ගමනා ගමනයට අවසර ලබාගත හැකි බවයි.

එසේ ගමන් කිරීමේදී අදාළ සේවකයා සතුව රාජකාරී හැඳුනුම්පත තිබීම අනිවාර්යය වන අතර ඉන්පසු  සේවා හැඳුනුම්පත සමග අදාළ ලිපියද ළඟ තබා ගැනීම අවශ්‍ය වෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *