• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බවයි – ජනපති මහනුවරදී කියයි

13 July 2020
in සංවර්ධන

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (12) දෙවන දිනටත් මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් තෙල්දෙණිය, බස්නැවතුම පිටුපස පැවති ජන හමුවට සහභාගී වූ අවස්ථාවේදී පාරම්පරික වෛද්‍යවරයෙකු ඉදිරිපත් කළ යෝජනාවලිය භාර ගනිමින්.

දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

හසිත ඒකනායක මහතා හමුව සංවිධාන කර තිබූ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද ඊට එක්ව සිටියේය.

ස්වයං රැකියා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ග්‍රාමීය ණය ඉල්ලුම් කිරීමේදී ඇතිවන ගැටලු රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසිය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කුණ්ඩසාලේ, මැණික්හින්න, පිටවල, සංවිධාන කර තිබූ ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පාතදුම්බර, යටිවාරණ විහාරස්ථානය අසළ සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිවරයා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල වෙබ් අඩවිය සහ 2020 මැතිවරණ තේමා ගීතය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් මහනුවරදී සිදු කෙරිණ. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අස්ගිර් පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් රැස්ව සිටී පිරිසට ආශිර්වාද කළහ.

ජනතා ගැටළු විසඳීමේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එල්ලවන බාධා පැහැදිළි කළ ජනාධිපතිවරයා එය නිවැරදි කිරීමට 2/3ක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක අවශ්‍යතාව අවධාරණය කළේය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හාරිස්පත්තුව, අලවතුවල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

 

Post Views: 15
Previous Post

ත්‍රිරෝද රථය පැදවු මව සහ දරු දෙදෙනා මරුට

Next Post

ඡන්ද අල්ලස් ගැන පැෆ්රල් සංවිධානයෙන් පැමිණිල්ලක්

editor

editor

Next Post

ඡන්ද අල්ලස් ගැන පැෆ්රල් සංවිධානයෙන් පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved