• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔබේ අස්වැන්නට ඉහළ මිලක් – ජනපති රජ රට ගොවීන්ට කියයි

4 July 2020
in සංවර්ධන

රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මහමැතිවරණයට තරඟ වැදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊයේ (03) කළ චාරිකාවේ දී මේ බව සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා කහටගස්දිගිලිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග කතා බහක නිරත විය. නිසි කලට පොහොර සහ ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගාවේ නිරත විය හැකි බව ගොවීහු ජනාධිපතිවරයා සමග කීහ. කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එස්.සී. මුතුකුමාරණ මහතා හොරොව්පොතාන පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා වැඩබලන විදුහල්පතිවරු මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිතුමා විදුහල්පතිවරුන්ගෙන් විමසීය.

හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා කැබිතිගොල්ලෑව, නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිවරයා එක් විය. කොන්ත්‍රාත් ක්‍රමයේ ඇති ගැටලු හේතුවෙන් සංවර්ධන ක්‍රියාදාමය ප්‍රමාදවී ඇතැයි ගම්වාසීහු පැවසූහ. කෝමාරිකා, වී සහ බඩ ඉරිඟු වගාව තම ප්‍රදේශය තුළ සාර්ථකව සිදුවන බව ද ඔවුහු සඳහන් කළහ. වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති පියවර සහ ගොවි ජනතාව මුහුණ පා සිටින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලුව කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

අලි මිනිස් ගැටුම සහ ගොවි ණය සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු ජනාධිපතිවරයා වෙත යොමු කළහ. එච්. නන්දසේන මහතා මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට ජනතාව මේ බව පෙන්වා දුන්හ. අලි තර්ජනය හේතුවෙන් වගාවන්ට වන හානිය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සරත් කුමාරසිරි මහතා අනුරාධපුර බස්නාහිර, තොලුවිල, පුරාවිද්‍යා රක්ෂිතය අසළ සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා නැගෙනහිර අනුරාධපුර බැංකු හන්දිය අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා සහභාගී විය.

උද්දික ප්‍රේමරත්න මහතා අනුරාධපුර කඩ පනහ අසළ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කූඹිච්චන්කුලම වැව අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිවරයා රටේ කෘෂි ආර්ථිකය නගා සිටුවීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දක්වන සහාය ඉතා ප්‍රශංසනීය බව පැවසීය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

බැඳුම්කරය ගැන අහන්න CID ය රනිල්ගේ ගෙදරට

Next Post

වාරය ගැටළුව ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

editor

editor

Next Post

වාරය ගැටළුව ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved