27 April 2024
#දේශීය

G77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනපති කියුබාවට

“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ, “වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්විම වෙනුවෙනි‍.

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් (Miguel Diaz-Canel) මහතා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *