• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

8 September 2023
in දේශීය

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට ඊයේ (07) පස්වරුවේ එක් වෙමිනි.

ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාලයට වසර 150ක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

2021 උසස් පෙළ විභාගයේ දී විශිෂ්ටතා දැක්වූ විද්‍යාලයේ සිසුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වු අතර අනතුරුව ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක්විය.
විද්‍යාලයේ සිසුවෙකු විසින් නිර්මාණය කළ සමරු තිළිණයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ අපේ රටට නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව පවතිනවා. ඉදිරි වසර විස්සට, තිහට අදාළවන අයුරින් එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. නව තාක්ෂණය , කෘතිම බුද්ධිය, අධ්‍යාපන විෂය ධාරාවන්ට එක් කළ යුතුයි. ඒ වගේම 1989 දී ඇසෝසියට් උපාධි ක්‍රමය (Associate degree) හඳුන්වා දුන්නා. නමුත් එවකට එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. මෙම උපාධි ක්‍රමය හඳුන්වා දුන්නේ රැකියා ඉලක්ක කර ගනිමිනුයි. එම ක්‍රමය නැවත හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ලෝකයට සරසවියක් විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයෙන් යට කරන්න ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එය වෙනස් නොකළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එය එක් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ වී තිබෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන් ද, ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති ජනක හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 30
Previous Post

G77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනපති කියුබාවට

Next Post

“නැණ ගුණ වැඩුමට අත්වැලක්” වැඩසටහනේ සමාරම්භකය ලග්ගල පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේදි

editor

editor

Next Post

"නැණ ගුණ වැඩුමට අත්වැලක්" වැඩසටහනේ සමාරම්භකය ලග්ගල පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේදි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved