27 April 2024
#දේශීය

ජනපති මහනුවර මහින්දානන්දගේ වේදිකාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් හෙට (11) මහනුවරට යාමට නියමිතයි.

මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා මහනුවර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.

එහිදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබු මැතිවරණ ප්‍රචාරක වේදිකාවට පලමුව සහභාගී විමට නියමිතව තිබේ.

අනුරාධ ජයරත්න මහතා, අදාම් ෆාරිස් මහතා , ආනන්ද අළුත්ගමගේ මහතා සරත් ඒකනායක මහතා, වසන්ත යාපා බණ්ඩාර මහතා, වසන්ත යාපා බණ්ඩාර මහතා , දිළුම් අමුණුගම මහතා සහ බර්ටි අරුල්ස්වාමි මහතා යන අයගේ වේදිකාවල සහභාගී විමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *