27 April 2024
#දේශීය

කන්දකාඩුවේ 196කට කොරෝනා

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය බඳුන් කරන ලද PCR පරීක්ෂණ 338ක ප්‍රතිඵලවලින් 196 දෙනෙකුට කොරෝනා රෝගය වැලදී ඇති බව හදුනා ගෙන තිබේ.

එම මධ්‍යස්ථානය තුළින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 252කි. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් 56 දෙනාද සමගිනි.

එසේම පසුගිය කාලය තුළ මෙහිදී පුනරුත්තාපනය වි පිටව ගිය අය හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරමින් එම මධ්‍යස්ථානයෙන් සමාජය තුළට කොවිඩ් පැතිර යෑම වැළැක්වීම සඳහා සියලු පියවර ගනිමින් පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *