27 April 2024
#දේශීය

ජනපති සංවේදියි – පත්තරේ දෙයක් දැක්ක ගමන් කියනවා – ඇමැති දුමින්ද

සමෘද්ධි සහනාධාරය, වකුගඩු රෝගී අධාරය, ආහාර මල්ලක් දීලා තියෙන පවුලක් බතුයි – මුරුංගා කොළයි කෑව සිද්ධිය මාධ්‍යවේදියා වැරදි ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඉතාම සංවේදියි බවත් පත්තරේ දැක්ක දේ හරිද -වැරදිද කියලා හොයලා බලන්නත් කලින් එතුමා ප්‍රකාශයක් කර ඇති බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හරහා පසුගිය 23 වැනි දින හමා ගිය සුළි සුලගින් හානි වූ නිවාස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “අපේ රටේ රාජ්‍යය නායකයා ඉතාම සංවේදියි.පත්තරේ දැක්ක දේ හරිද -වැරදිද කියලා හොයලා බලන්නත් කලින් එතුමා කිව්වා මේ වගේ දේවල් මේ රටේ වෙන්න බෑ, මෙහෙම වෙලා තියෙනවා නම් මම සමාව ගන්නවා කිව්වා.ඒ පවුලේ අය එදා කාලා තියෙන්නේ බතුයි, මුරුංගා කොළ සම්බෝලයකුයි , අද මුරුංගා කොළ කියන්නේ අපෙ රටින් ජපානයට ආනයනය කරන දෙයක්, මිළ අධිකම ආහාරයක් බවට පත් වෙලා තියෙනවා.ගුණය වැඩිම ආහාරයක් මුරුංගා කොළ,එහෙම නම් එහෙව් කෑමක් තමයි ඒ පවුල කාලා තියෙන්නේ යැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *