2009 වසරේ සිට 2026 අප්‍රේල් 16 වනදා දක්වා කාලය තුළ සිදුවූ ගල්අඟුරු ආනයනය, එම ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ක්‍රියාවලීන්හි සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා දූෂණ සෙවීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටියි. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතුව මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් පවතී නම්, ඒවා 2026 මැයි මස 22 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.
කොළඹ 12, අධිකරණ මාවතේ පිහිටි මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 05 වන මහලේ මෙම කොමිෂන් සභා කාර්යාලය ස්ථාපිත කර ඇති අතර, මෙයට අදාළ මූලික විමර්ශන කටයුතු කොමිෂන් සභාවට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් දැනටමත් ආරම්භ කර ඇත. රජයේ මුදල් අවභාවිතය සහ ගල්අඟුරු ගනුදෙනුවලදී සිදුවූ බව කියන නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම මෙහි මූලික අරමුණයි.














