“බුද්ධරශ්මි” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “වෙසක් බැති ගී සරණිය” ඊයේ (මැයි 30) සවස 6.30ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ කොළඹ පාසල් කිහිපයක බැති ගී කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම ප්‍රසංගය ජූනි 02 දක්වා සෑම දිනකම ප.ව 6.30ට පැවැත්වේ.
ඊට අමතරව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රී 7.00ට ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ වූ අතර එයද ජූනි 02 දක්වා පැවැත්වේ. එමෙන්ම කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක්ද ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ විය. හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයන්ට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහයෙන් විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම සහ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ.















