වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් අද (මැයි 31) දින ජීවිතක්ෂයට පත්ව ඇත. පානදුර සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.
අනතුර සම්බන්ධ වැඩිදුර තොරතුරු වන්නේ මියගිය කාන්තාව සුදු හා දුඹුරු පැහැති සාරියක් හැඳ සිට ඇති අතර ඇය සතුව කොළ පැහැති මල්ලක් තිබී ඇති බවයි. ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.















