ජනාධිපති ආරක්ෂක අංශය වෙත වෙන් කර තිබූ ‘නිසාන්’ වර්ගයේ ගිලන් රථය, මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ රෝගී ප්‍රවාහන සහ හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වෙත පිරිනමා තිබේ.
මෙම ගිලන් රථය සක්‍රිය රාජකාරි කටයුතු සඳහා භාවිත නොකිරීම හේතුවෙන්, සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට පියවර ගනු ලැබීය.
එම ගිලන් රථය නිල වශයෙන් භාර දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (30) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය. එහිදී අමාත්‍යවරයා විසින් අදාළ ගිලන් රථය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැපයුම්) එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත් සහ අධ්යක්ෂ (ප්‍රවාහන) මුදිත විමලසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














