කොළඹදී පැවැත්වෙන 2026 ආසියානු රග්බි එමිරේට්ස් සත් සාමාජික රග්බි තරඟාවලියේ නිල රිදී අනුග්රාහකයා ලෙස ප්රීමා කොත්තුමී සන්නාමය ශ්රී ලංකා රග්බි ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ජාතික කණ්ඩායමට සහ තරගාවලියට සිය නිල අනුග්රාහකත්වය පිරිනමා තිබේ. ආසියානු කලාපයේ ප්රමුඛතම රග්බි බලවතුන් අභියෝගයට ලක්කිරීමට ශ්රී ලංකා ජාතික රග්බි කණ්ඩායම සූදානම් වන පසුබිමක, මෙලෙස ප්රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ සන්නාමයක් ක්රීඩාවේ උන්නතිය උදෙසා පෙරමුණ ගැනීම දේශීය රග්බි ක්ෂේත්රයේ දැඩි ඇගයීමට ලක්ව ඇත.
මෙවර සංස්කරණය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 12 බැගින් ජාතික කණ්ඩායම් 24ක් නියෝජනය කරමින් ආසියාවේ විශිෂ්ටතම ක්රීඩක ක්රීඩිකාවන් රැසක් කොළඹදී තරග වැදීමට නියමිත අතර, මෙය මෙරට ක්රීඩාලෝලීන්ට ඉහළ පෙළේ රග්බි තරග අත්දැකීමක් මව්බිමේදීම විඳගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි. පාසල්, සමාජ සහ ජාතික මට්ටමින් දීර්ඝ කාලයක සිට ශ්රී ලංකා රග්බි ක්රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් සක්රීය දායකත්වයක් ලබාදෙන ප්රීමා කොත්තුමී, මෙවර තරගාවලියේ අවසන් අදියරට කොළඹ සූදානම් වන මොහොතේ මෙලෙස අනුග්රාහකත්වය දැක්වීම හරහා දේශීය ක්රීඩා කුසලතා පෝෂණය කිරීමට ඇති කැපවීම නැවතත් තහවුරු කර තිබේ.
මෙවැනි ජාත්යන්තර මට්ටමේ ප්රමුඛ කලාපීය තරගාවලියක් සඳහා සත්කාරකත්වය සැපයීම සහ පෞද්ගලික අංශයේ අනුග්රාහක අනුබලය හිමිවීම, මෙරට ක්රීඩා සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනයට මෙන්ම ශ්රී ලංකා රග්බි ක්රීඩාවේ ජාත්යන්තර ශ්රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමට ද ප්රබල පිටුවහලක් වනු ඇත. ඉදිරියේදී ග්රාමීය හා පාසල් මට්ටමේ තරුණ ක්රීඩකයන්ට ජාත්යන්තර නිරාවරණය ලබාදෙමින් දේශීය රග්බි ක්ෂේත්රය වෘත්තීයමය මට්ටමකට ඔසවා තැබීමට මෙවැනි ආයතනික සහයෝගීතාවන් මඟපාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.














