• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මරණ දඩුවම් ලැබු ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යන්න අවසර ලැබෙයි

7 September 2020
in දේශීය

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම අතුරු නියෝගය නිකුත් කර සිටියේ ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ඒ, අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.

පෙත්සම යළි මේ මස 29 දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් ජුලි මස 31 මරණ දණ්ඩනය නියම කරයි.

ඒ, 2015 ජනාධිපතිවරණය සමයේ දී කහවත්ත ප්‍රදේශයේ දී දෙමටගොඩගේ සුනිල් පෙරේරා ‍‍හෙවත් ශාන්ත දෙමටගොඩ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.

එම චෝදනාවට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි ), සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා මරණ දඬුවම නියම කළේය.

එහිදී ඝාතනයට ලක් වූ දොඩංගොඩගේ සුනිල් පෙරේරා හෙවත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසත්, සිද්ධියේදී තුවාල ලැබූ වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්පාම් දෙදෙනාට එක් අයෙකු විසින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා විසින් නියම කළේය.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තුමේන්තුව අධිකරණය වෙත ලිපියක් දක්වමින් මරණය දණ්ඩණය හිමි ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.

 

 

Post Views: 18
Previous Post

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හා INSEE සමාගම නව සහයෝගීතාවකට මුලපුරයි

Next Post

ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි

editor

editor

Next Post

ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved