අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක්සත් රාජධානියේ (UK) නිල සංචාරයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් මැයි 18 වැනිදා රාත්‍රී 8.00 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබේ.
එහිදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධිර මහතා සහ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය හා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකු වන, ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රිචඩ් වයිල්ඩෑෂ් (Richard Wildash) මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍යවරිය ඇතුළු දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඇත.
මෙම නිල සංචාරය තුළදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය.














