ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වන බ්‍රසීල මූලික සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන සිහිනය ජය ගැනීම සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් නම් කිරීමට බ්‍රසීල තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
මෙවර සංචිතයේ විශේෂිතම සිදුවීම වන්නේ බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් (Neymar Jr.) ද ඊට ඇතුළත් කර තිබීමයි. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට දරුණු පාදයේ ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින නේමාර්, තවමත් ක්‍රීඩා පිටියට පිවිසීමට තරම් පූර්ණ සුවය ලබා නොමැති පසුබිමක වුවද ඔහුව මෙලෙස ලෝක කුසලාන සංචිතයට නම් කිරීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට ඔහු පූර්ණ ශාරීරික යෝග්‍යතාවය ලබා ගනු ඇතැයි බ්‍රසීල පාපන්දු බලධාරීන් අපේක්ෂා කරයි.














