දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය (SACTD) යුනෙස්කෝ (UNESCO) 02 මධ්‍යස්ථානයක් (C2C) ලෙස උසස් කිරීම සඳහා වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අද (29) අරලියගහ මන්දිරයේදී අත්සන් කෙරිණි. මෙම අවස්ථාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම ගිවිසුම යුනෙස්කෝ සංවිධානය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය අතර අත්සන් කරන ලදී. මෙහිදී සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතාගේ අධ්‍යාපනික හා පර්යේෂණ දායකත්වය අගයමින් ඔහු වෙත UNESCO-SACTD Endowed Chair පදවිය පිරිනැමීම අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය. එමෙන්ම “SACTD: A Collaborative Regional Journey” සමරු ග්‍රන්ථය ද එළිදැක්විණි.
අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, වේගයෙන් වෙනස් වන තාක්ෂණික ලෝකයට හැඩගැසීම සඳහා ගුරුවරුන් සහ ගුරු අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය බවයි. කලාපීය අධ්‍යාපනික අභියෝග ජය ගැනීම සඳහා පොදු ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් සහ සහයෝගීතාවයේ වැදගත්කම ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) නයාර් නසීර්, රාජ්‍ය ලේකම්වරුන්, SACTD අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















