• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුවන්ට ආදරය සහ රැකවරණය පිරි විශ්වාසදායක තැනක් ලෙස පාසල පත් කිරීම රජයේ අරමුණයි අගමැතිනී හරිනි අමරසූරිය

21 April 2026
in දේශීය, පුවත්
රුවන්ට ආදරය සහ රැකවරණය පිරි  විශ්වාසදායක තැනක් ලෙස  පාසල පත් කිරීම  රජයේ අරමුණයි  අගමැතිනී හරිනි අමරසූරිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසල තුළ යහපත් මනෝ සමාජීය පරිසරයක් නිර්මාණය කරමින්, දරුවන්ට ආදරය සහ රැකවරණය උපරිමයෙන් ලැබෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම සිය රජයේ ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඊයේ (20) පැවැති ශිෂ්‍ය උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශ ඒකක (C2 Centers) පිහිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය. අධ්‍යාපන පද්ධතියේ සිටින සියලුම නිලධාරීන් දරුවන් වෙනුවෙන් එවැනි ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට වගකීමෙන් බැඳී සිටින බවද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ‘රූම් ටු රීඩ් ශ්‍රී ලංකා’ (Room to Read, Sri Lanka) ආයතනය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේදී ශිෂ්‍ය උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන සංග්‍රහයද එළිදැක්විණි. මීට අමතරව උපදේශන ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම නංවාලීම සඳහා ධාරිතා සංවර්ධන මොඩියුලයක් සහ 21 වන සියවසට ගැළපෙන නිපුණතා අධ්‍යයන මොඩියුලයක්ද හඳුන්වා දීමට කටයුතු කර තිබේ. දරුවන් විවිධ ගැටලුවලට පෙලඹීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් සහ ඒ සඳහා දෙමාපිය සහයෝගීතාව ලබාගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
අධ්‍යාපනය මගින් සමාජය වෙනස් කරන යහපත් පුරවැසියන් බිහි කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සුරක්ෂිත පරිසරය පාසල් තුළ නිර්මාණය කිරීමට රජය වගකීම භාරගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම නව වැඩසටහන හරහා සිසුන්ට වඩාත් ආරක්ෂිත ලෝකයක් තුළ තම අනාගත සිහින කරා යාමට මං පෙත් විවර වනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ සිසු දරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 2
Previous Post

ඇමරිකානු මාධ්‍ය පතුරුවන අසත්‍ය පුවත් විශ්වාස නොකරන්න ජනාධිපති ට්‍රම්ප්

Next Post

තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
තර්ජන හමුවේ  සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර දෙන බව පවසන වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

21 April 2026
ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා  ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ  DP World අතර සාකච්ඡා

ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ DP World අතර සාකච්ඡා

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved