ඉරානය සමඟ පවතින යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය පතුරුවන වාර්තා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඇමරිකාව යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බවට පළවන පුවත් “අසත්‍ය පුවත්” (Fake News) බව ඔහු එහිදී අවධාරණය කරයි.
ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන නාවික සහ ගුවන් බලය මෙන්ම මිසයිල ආරක්ෂණ පද්ධති ද මේ වන විට මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බව ට්‍රම්ප් පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පනවා ඇති නාවික අවහිරතාව හේතුවෙන් ඉරානයට දිනකට ඩොලර් මිලියන 500 ක් අහිමි වන බවත්, ස්ථාවර සාම ගිවිසුමකට එළඹෙන තෙක් එම අවහිරතාව ඉවත් නොකරන බවත් ඔහු සඳහන් කළේය.
නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් වැනි මාධ්‍ය ආයතන දේශප්‍රේමී නොවන බවට චෝදනා කළ ජනාධිපතිවරයා, ඔවුන් යුද්ධයේ සැබෑ තත්ත්වය වසන් කරමින් සිටින බව පවසා සිටියේය. ඩිමොක්‍රැටික් පක්ෂය ඇතුළු පිරිස් හමුදාමය ජයග්‍රහණ හෑල්ලුවට ලක් කරන බවත්, ඔවුන් ඉරානයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන “ද්‍රෝහීන්” බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
මෙම මෙහෙයුම වෙනිසියුලාවේ ක්‍රියාවලියට සමාන නමුත් ඊට වඩා විශාල හා සංකීර්ණ මෙහෙයුමක් බව පෙන්වා දුන් ට්‍රම්ප් මහතා, වසර 47 ක් පුරා පැවති “ඉරාන අවුල” තමන් ස්ථාවර ලෙස විසඳන බවට සහතික විය. සති හයකට වඩා වේගයෙන් ඇමරිකානු හමුදා අරමුණු ඉටු වෙමින් පවතින බව පවසන ඔහු, අවාසිදායක ගිවිසුම්වලට එළඹීමට කිසිදු පාර්ශ්වයක පීඩනයකට යටත් නොවන බව ද අවධාරණය කළේය.














