පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති දිරිමත් කිරීම සහ ඒවා සවිබල ගැන්වීම අරමුණු කරගනිමින්, රුපියල් මිලියන 2,500ක අයවැය ප්‍රතිපාදන යටතේ “ගොඩනැගෙන පුනරුදයේ පුරවර” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය සංවිධානය කෙරේ.
මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ලබන ජුනි මස 12 වන දින පෙරවරු 11.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය චන්දන අබයරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතව ඇත.
















