අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබාගත්තාය. එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රථමයෙන් කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර, අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත විය.
මීට අමතරව රුහුණු කතරගම මහා දේවාලයේ පූජාවන්ට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය, කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැකීමට ද පියවර ගත්තාය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර යන මහත්වරුන් ද එක්ව සිටියහ.














