මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වීමට ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසකට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එහිදී එම පිරිස වෙත බිත්තර සහ ගොම ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් අතර, පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇත. මුදල් ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට මෙලෙස විරෝධතාවල නිරත වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය අප්‍රසාදය පළ කර ඇති බව ද සඳහන් වේ.














