අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය ඊයේ (19) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තාය.
මහා නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වූවාය. එහිදී රටේ වත්මන් තත්ත්වය සහ ජාතික වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.
මල්වතු මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ මහා සංඝරත්නය විසින් අග්‍රාමාත්‍යවරිය වෙත සෙත් පිරිත් සජ්ඞායනා කර ආශිර්වාද පළ කළහ. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















