27 April 2024
#දේශීය

මාතලේ පොලිසියේ ගෙවත්ත අගමැතිගේ නිරික්ෂනයට

ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙහි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමිව මාතලේ පොලිස් ස්ථාන භූමියේ සිදුකරගෙන යන ගෙවතු වගාව නිරීක්ෂණයටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත්දා එක්විය.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මාතලේ දිස්ත්‍රික්කයේ ආදර්ශමත් ගෙවතු වගා කිහිපයක් ම නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවන්ට ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ඇතුළු ජනතා නියෝජිතයෝ මෙන්ම පොලිසියේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *