27 April 2024
#දේශීය

අගමැති මාතලේ නාගොල්ලේ ආදර්ශ ගෙවත්තක් බලයි

මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ නාගොල්ලේ ආදර්ශමත් ගෙවතු වගා කිහිපයක් ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවන්ට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ඇතුළු ජනතා නියෝජිතයෝ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *