• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය අගමැති සුරතින් විවෘත වෙයි

8 December 2020
in සංවර්ධන

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (08) විවෘත කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය.

මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධි බලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය තුළින් නඩුකුඩා සිට අනුරාධපුරය දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.

මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13 දුරට, හෙක්ටර්යාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර තිබේ. වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමට ද මේ මඟින් අපේක්ෂිතය.

පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන මෙම තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆාදර් මස්තාන්, යදාමිණී ගුණවර්ධන හා උතුරු පළාත් ආණ්ඩුකාරිනි පී. එස්. එම්. චාර්ල්ස්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහත්ම මහත්මීන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

නිරෝධායන මධ්‍යස්ථානවල ඇති අඩුපාඩු ගැන ජනපතිගේ අවධානයට

Next Post

කොරෝනා ආසාදිතයින් දෙස වපර ඇසින් බලන්න එපා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් දෙස වපර ඇසින් බලන්න එපා - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved