මැනිලා නුවර පැවැත්වෙන ‘ආසියාන්’ (ASEAN) රාජ්‍ය තාන්ත්‍රික හමුව අතරතුර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොෆ් (Sergey Lavrov) අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඕනෑම මොහොතක සාධනීය මැදිහත්වීමක් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රජය සූදානමින් සිටින බවත්, එම පණිවුඩය රුසියානු පාර්ශ්වයට සෘජුවම ලබා දුන් බවත් සාකච්ඡාවෙන් අනතුරුව රූබියෝ මහතා පැවසීය. මේ අතර, දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට රුසියාව ද සූදානමින් සිටින බවත්, 2025 අගෝස්තු මාසයේ ඇලස්කාවේදී ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති පුටින් අතර පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ යෝජනාවලට රුසියාව තවදුරටත් එකඟතාව පළ කරන බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














