කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක්, එහි සේවය කරන වෛද්‍යවරුන්ගේ පැමිණීම සහ පිටවීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වූ මෙම ක්‍රමවේදය, මේ වන විට වෛද්‍යවරුන් සඳහා ද ව්‍යාප්ත කිරීමට රෝහල් පාලනාධිකාරීන් තීරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම නව තීරණය සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ සේවය කරන වෛද්‍යවරුන් සිය අප්‍රසාදය පළ කරති. පෞද්ගලික රෝහල් මගින් ගෙවනු ලබන දීමනා ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින පසුබිමක, මෙවැනි දැඩි නීති රීති පැනවීම නිසා තමන් දැඩි වෘත්තීය අපහසුතාවන්ට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.
මෙරට පෞද්ගලික රෝහල්වල සේවය කරනු ලබන පිරිස අතරට පෞද්ගලික සහ විදේශීය වෛද්‍ය පීඨවලින් උපාධි ලබාගත් වෛද්‍යවරුන් මෙන්ම, සිය අමතර රාජකාරියක් ලෙස පෞද්ගලික රෝහල්වල සේවය කරන රජයේ රෝහල් වෛද්‍යවරුන් ද අයත් වේ.














