27 April 2024
#දේශීය

දිනකට 1000 කට වැඩි PCR පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහාය – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල තිබෙන පහසුකම් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ වනවිට දිනකට, රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින්, නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් සහ පරීක්ෂණ වලට භාජනය කළ යුතු සමාජයේ පුද්ගලයින් 800 කගේ පමණ සම්පල රජයේ සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන අතර, මෙම පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත. ඒ තුලින් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හදුනා ගත හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය ලබාගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) පෙරවරුවේ සෞඛ්‍ය හා දේශීය දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම අවස්ථාවට පෞද්ගලික රෝහල් වන ආසිරි, නවලෝක, ඩර්ඩන්ස්, ලංකා යන රෝහල් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ. මෙහිදී ඔවුන් විසින් පැවැසුවේ දිනකට එක් රෝහලකින් සාම්පල් 100 ක් පරීක්ෂා කොට වාර්තා ලබාදීමට හැකි බවයි. ඒ අනුව දිනකට 1000 වැඩි PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ හැකි වන අතර, එම රෝහල් සමග පුළුල්ව සාකච්ඡා කොට කොවිඩ් 19 වෛරස පරීක්ෂණ කටයුතු සදහා සහාය ලබාගැනීමට සෞඛ්‍ය අමත්‍යාංශය කටයුතු කරනු ඇත.

මෙම අවස්ථාවට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරින් හා පෞද්ගලික රෝහල් නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරින් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *