27 April 2024
#දේශීය

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග රැසක්

COVID – 19 වෛරසය පාලනය හා මර්දනය කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් ආධාර හා ප්‍රදානයන් විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඊයේ දින (22) කොරියානු සමාගමක් වන SSENYPANG ආයතනය විසින් සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල සදහා රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා වියළි ආහාර මළු තොගයක් ලැබුණු බවයි.

මීට අමතරව GFLOCK ආයතනය විසින් කොවිඩ් 19 රෝගී සත්කාර සදහා කටයුතු කරන වෛද්‍ය, හෙද ඇතලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල 1500 ක් අමාත්‍යාශය වෙත පරිත්‍යග කරන ලදි. මෙම ප්‍රදානයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වේ.

මෙම ප්‍රදානයන් 02 කට අමතරව ඩයලොග් ආයතනය විසින් සේවා සම්බන්ධතා සහිත ජංගම දුරකථන 250 ක් සහ වයිෆයි අන්තර්ජාල සම්බන්ධතා 80 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම ද ඊයේ දින සිදු කරන ලදි. මෙම දුරකථන COVID – 19 වසංගත තත්ත්වය මෙරටින් පහව යන තුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඇමැතුම් ලබාගැනීමේ කටයුතු සදහා නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. මෙම ප්‍රදානය රුපියල් මිලියන 1.7 ක වටිනාකමකින් යුක්ත වේ.

මෙම පරිත්‍යාගයන් එම පෞද්ගලික ආයතනයන් හි නියෝජිතයින් විසින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඊයේ දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාර දුන් අතර එම අවස්ථාවට අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *