සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව ලබන 11 වැනිදා දක්වා කල් තබා ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂි අංක 11 අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබේ.














