පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ශාස්ත‍්‍ර පීඨයේ,මහාචාර්ය මහින්ද හේරත් විසින් තමන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරදෙන මෙන් ඉල්ලා සිටිමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇත.
මහාචාර්යවරයා මෙම පැමිණිලි දෙක මගින් වගඋත්තරකරුවන් විසින් තමන් ගර්භාවට සහ නින්දාවට පත්කිරීමේ සහ අරමුණින් සහ රැකියාවෙන් නෙරපා හැරීමේ අරමුණු පෙරදැරි කරගෙන පදනම් විරහිත ව්‍යජ තොරතුරු පතුරුවා හරිමින් අගතිදායක ලෙස කටයුතු කරමින් සිටීන බවට චෝදනා කර සිටී.
මෙම පැමිණිලි මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ශාස්ත‍්‍ර පීඨයේ සම්මානිත මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන, පහළවත්තගේ දොන් පේ‍්‍රමසිරි, එම පීඨයේ අංශාධිපති මහාචාර්ය ආර්.එම්.අබේරත්න, මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය වසන්ත අතුකෝරාල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ පාලක සභාව වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කෙරී තිබෙන බවට නියෝගයක් ලබාදෙන ලෙසත්, බාධාවකින් තොරව තම රැකියාවේ නිරතවීමට ඇති අයිතිය සුරක්‍ෂිත කරදෙන ලෙසත් මහාචාර්ය මහින්ද හේරත් සිය පැමිණිලි මගින් මානව හිමිකම් කොමිසම වෙතින් ඉල්ලා සිට ඇත.
– අග්නි සපුමල් බංඩාර














