චෙන්නායි හි සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් පසුගිය 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්‍ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
රාමායණ යාත්‍රා (Ramayanaya Yathra), මුරුගන් ට්‍රේල් (Murugan Trail), MICE සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික වැඩසටහන්, ත්‍රාසජනක ක්‍රියාකාරකම්, සිනමා පට රූගත කිරීම යනාදී වශයෙන් සංචාරක ව්‍යාපාරය හා සබැඳි විවිධ මානයන් ඔස්සේ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව තුළ ප්‍රවර්ධනය කළ හැකිය. තමිල්නාඩුවේ සංචාරක අමාත්‍යංශයේ ද සහය ඇතිව චෙන්නායි නුවර තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතික වැඩසටහන් සහ ආහාර ප්‍රදර්ශන සංවිධානය කිරීම පිළිබඳව ද, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී අදහස් දැක්වීය.
Promoting Sri Lanka tourism in Tamil Nadu
Deputy High Commissioner of Sri Lanka in Chennai Dr. D. Venkateshwaran, met Tourism Minister of Tamil Nadu Dr. M. A. Mathiventhan on 19 August, 2022 and discussed ways to promote tourism between Sri Lanka and Tamil Nadu.
From South India, the island of Sri Lanka could be promoted in various tourism dimensions including Ramayanaya Yathra, Murugan Trail, MICE tourism, cultural events, adventures and film shooting. The Deputy High Commissioner also spoke of organizing Sri Lankan cultural programme and food festival in Chennai, with the assistance of the Tamil Nadu Tourism Ministry.