• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි

5 March 2021
in සංවර්ධන

ගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) අනුරාධපුරයේදී සිදු කෙරිණී.

අනුරාධපුර, ඇලයාපත්තුව, පූසියම්කුලම ප්‍රදේශයේදී මල් හා විසිතුරු පැළ වගා කිරීමේ ගම්මානය ආරම්භ කරමින් මෙම වැඩ සටහනට මුල පියවර තැබිණි. මීට අමතරව අනුරාධපුර පහළගම ප්‍රදේශයේ කම්හල් කර්මාන්ත නිෂ්පාදන ගම්මානයක් සහ තන්තිරිමලේ බිල්ලෑව ප්‍රදේශයේ පළතුරු ගම්මානයක්ද මේ යටතේ ආරම්භ කෙරිණි.

2021 අයවැය මගින් වෙන් වූ මුදලින් සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එහිදී අදහස් දැක්වු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා, අපි නිෂ්පාදන ගම්මාන 500 ක් ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරනවා. මේ වසරේ ආරම්භ කරලා අවසන් කරන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මේ සතියේ අපි සෑම දිස්ත්‍රික්කයකම සෞභාග්‍යා සතියට සමගාමීය නිෂ්පාදන ගම්මාන අඩුම ගානේ 02 ක් වත් වැඩ ආරම්භ කරනවා. ඊට සමගාමීව සෞභාග්‍යා සතිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. ඒ ගම්මානතුල විවිධ නිෂ්පාදන කරලා ගෘහ ආර්ථිකය නගා සිටුවලා රටේ ආර්ථිකයට දායක වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය යනුවෙන් වෙනම කාර්යාංශයක් මේ වන විට පිහිටුවා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනවා. මේ තුළින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලික බලාපොරොත්තුවක් ඉෂ්ඨ සිද්ද කිරීමට හැකි වූ බවත්ය. සෞභාග්‍ය වැඩ සටහන මගින් ඉදිරියට සමෘද්ධි අමාතාංශය මඟින් ක්‍රියාත්මක කරන ස්වයං රැකියා හෝ වෙනත් ව්‍යාපාර සඳහා වෙළඳපොළක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ,වෙළඳපොළ තුළ තියෙන හැකියාවට සහ සේවයට ව්‍යවසායකයින් හට ශක්තිමත් බැම්මක් නිර්මාණය කිරීමට කටයුතු කරනු බවද ඒ සඳහා සියලු බැංකු අතහිත දීමට සුදානමින් සිටින අතර උනන්දුව, දක්ෂකම, හැකියාව ඇති කණ්ඩායම් තෝරා මේම ගම්මාන නිර්මාණය කරන බවද රාජ්‍ය ඇමති වරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.පී.එස්.කුමාරසිරි, හිටපු පළාත් සභා අමාත්‍ය එච්.බි.සේමසිංහ, සමෘද්ධි අමාත්‍යාංශ අතිරේක ලේකම් සී.බී. කළුආරච්චි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක, සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වුහ.

Post Views: 7
Previous Post

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

editor

editor

Next Post

එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved