• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් සලසන්න – අගමැතිගෙන් උපදෙස්

8 January 2021
in සංවර්ධන

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු විසදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

රටේ පවතින සහතික වී මිලට අනුව පෙබරවාරි 01 සිට මාස 06 කට යාවත්කාලීන වන සහල් සඳහා ස්ථීර පාලන මිලක් ලබා ගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබදව ද අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, අජිත් නිවාඩ් කබ්රාල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු, බැංකු, සතොස හා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයෝ එක්ව සිටියහ.

 

Post Views: 14
Previous Post

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යලි ආරම්භ වෙයි

Next Post

නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම අගමැති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම අගමැති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved