• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රැකියා සඳහා විදෙස් ගත වන පිරිසට බලපාන ගැටලු කඩිනමින් විසඳුම් දෙන්න – මුදල් ඇමැති

12 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රැකියාවල නියුක්ත වීම සඳහා විදේශගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ පසුගිය 10 වනදා අරලියගහ මන්දිරයේ පැවැති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්හට වැඩි ඉල්ලුමක් මේ වන විට ලැබී තිබෙන බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

ඒ අනුව දැනට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිස හට ගුවන් යානා ආසන පහසුකම් හිඟ වීම පිළිබඳව පවතින ගැටලුව කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර මෙරට ගුවන් සමාගම සේ ම අවශ්‍යතාවය පරිදි විදෙස් ගුවන් සමාගම් ද යොදා ගනීමින් මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස නිලධාරීන් හට මෙහි දී උපදෙස් ලබා දුන්නේය.

විදේශ විනිමය ඉපැයීම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් විදෙස් ගත ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව ඉටු කරන බව මෙහි දී පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් කඩිනමින් සොයා බැලීමට උත්සුක වීම අදාළ අංශවල වගකීමක් බව ද වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙරට නිෂ්පාදන අපනයනය කිරීම හා සේවා සැපයීම මඟින් විදෙස් විනිමය ඉපැයීම පිළිබඳ 2021 වසරේ අගෝස්තු දක්වා ලබා ඇති ප්‍රගතිය සහ එය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි බලපා ඇති ගැටලු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඒ අනුව රෙදි පිළි හා ඇගළුම්, තේ, රබර් සහ රබර් නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන, වෙනත් අපනයන බෝග, මැණික් හා ස්වර්ණාභරණ සහ මුහුදු ආහාර ඇතුළු වෙළෙඳ භාණ්ඩ අපනයනයේ දී ළඟා කරගෙන ඇති ඉලක්කයන් පිළිබඳව මෙහි දී විමසා බැලීය.

ඒ අනුව පසුගිය වර්ෂයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායමේ මාසික සාමාන්‍යය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 840 ක් වූ අතර 2021 වසරේ මුල් මාස 8 තුළ එය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 986 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.

ඒ ඒ අංශයන් වසංගතය හමුවේ මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් වූ අතර ඒවා කළමනාකරණය කර ගනිමින් අදාළ කාර්ය සාධන මට්ටමට ළඟා වීමට අවශ්‍ය විසඳුම් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

 

Post Views: 2
Previous Post

කබ්රාල්ට නැවත මහ බැංකු අධිපති කිරීම දේශපාලන බංකොලොත්භාව බව කිර්ති කියයි

Next Post

ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් …. සිව් වසරකට පසු බාල පුතා අත්අඩංගුවට

editor

editor

Next Post

ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් .... සිව් වසරකට පසු බාල පුතා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved