27 April 2024
#දේශීය

හදිසි මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කරයි

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යවරයාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා සිටින සියලු හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා ඇදුම් කට්ටල ලබාදීමට නියමිතයි.

සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධ කර ගැනීම සදහා දත්ත පද්ධතියක් සකස් කිරීම මරණ පරීක්ෂකවරුන් බදවා ගැනීමේදී දැනට පවතින ක්‍රමවේදය තවදුරටත් විධිමත් කිරීම වැනි කරුණු පිළිබදව මෙහිදි අවධානය යොමු විය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ මහතා අධිකරණ අමාත්‍යාංශයේ හා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මේ සදහා අනුග්‍රහය දක්වා ඇති බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *