27 April 2024
#දේශීය

ඇමැතිවරුන් හමුවීමේ මහජන දිනය සදුදා ලෙස ප්‍රකාශයට පත් වෙයි

අමාත්‍යවරුන් හමුවී තම ගැටළු ඉදිරිපත් කිරීම සඳහා යොදා තිබෙන මහජන දිනය සෑම සතියේම සදුදා දින පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අද (10) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම මහජන දිනය බදදා දින පැවැත්වු බවයි.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සැසියට සහභාගී නොවීමට අමාත්‍යවරුන්ට සිදුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට ලක්ව ඇති බව ගම්මන්පිල මහතා පැවසිය.

එසේම මහජන දිනය දිනයේදී ඉතා කලබලකාරි තත්ත්වයක් අමාත්‍යංශය තුල පැවැත්වෙන අතර නැවත පාර්ලිමේන්තු පැමිණිමට පවා ඇතැම් අමාත්‍යවරුන්ට හැකියාවක් නොමැති බව වාර්තා වී ඇති බව ගම්මන්පිල මහතා අනාවරණ කළේය.

කෙසේ වෙතත් සදුදා දින පාර්ලිමේන්තු නොපැවැත්වෙන අතර එදින මහජන දිනය යෙදීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කල බව ඔහු කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *