27 April 2024
#දේශීය

අද මධ්‍යම රාත්‍රී සිට පොදු මගී ප්‍රවාහන ගාස්තු පහළට

ඉන්ධන මිල අඩු වීම නිසා පහත දමන ලද පොදු මගී ප්‍රවාහන බස් ගාස්තු අද(19) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ බස් ගාස්තු සංශෝධන නව සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදිය.

ඩීසල් මිල රු.20කින් අඩු වීම නිසා ඒ අනුව ගණනය කොට පොදු මගී ප්‍රවාහන බස් ගාස්තුව 2.23%කින් අඩු කර ඇත. දැනට රු.40 ක් වන අවම ගාස්තුව රු.38 ක් දක්වා පහත දැමේ. මෙය දිවයින පුරා වන 350කට අධික ගමන් වාර සඳහා ක්‍රියාත්මක වේ.

අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී, අධිවේගී අධි සුඛෝපභෝගී යන සියලු ප්‍රවාහන සේවා සඳහා බස් ගාස්තු සංශෝධනය අදාළ වේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා පෞද්ගලික මගී බස්රථ සියල්ල ඊට යටත් වන අතර පළාත් හා අන්තර් පළාත් සියලු ගමන් වාර සඳහා ද සංශෝධනය අදාල වේ.

සෑම බස් රථයකම මිල සංශෝධනය ප්‍රදර්ශනය කළ යුතු ය. අද මධ්‍යම රාත්‍රී සිට පොදු මගී රථයක අදාළ ගමන් ගාස්තුව අඩු නොකළහොත් 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දීමෙන් පැමිණිලි කළ හැකිය. ඊට අමතරව ජංගම පරීක්ෂකවරුන් ද මේ සඳහා යොදවා ඇත. මීට සමගාමීව සිසු සැරිය බස් ගාස්තු ද 2 .23%කින් අඩු වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *