27 April 2024
#දේශීය

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්ද වීමසිම අදයි

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් හැටනව ලක්ෂයක් ඡන්දය ලබමින් ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වීමත් සමග වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ධුර කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත යුතු අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද මෙලෙස පැවැත්වීමට නියමිතය.

මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපතිවවරණය සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු නාමයෝජනා භාර දී තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඒ සඳහා නාමයෝජනා භාරදීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකෙරුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *