විදුලිබල මණ්ඩලය ලාභ ලබන බව පවසමින් නැවත විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැරසීම පිටුපස විශාල මූල්‍ය වංචාවක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මණ්ඩලය ලාභ ලබන්නේ නම් ගාස්තු වැඩි කිරීමේ කිසිදු පදනමක් නොමැති බවයි. මෙලෙස ජනතාව මත බදු බර පටවන්නේ බාල ගල් අඟුරු මිලදී ගැනීමෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට දැයි සැකයක් මතුවන බවත්, බලධාරීන් මෙම ගනුදෙනු හරහා වංචනික ලෙස මුදල් උපයන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. විදුලි ගාස්තු ඉහළ දැමීමේ උත්සාහය හරහා සාමාන්‍ය ජනතාව තවදුරටත් අගාධයට ඇද දමන බව ඔහු අවධාරණය කළේය.














