• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්

31 July 2020
in දේශීය

තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා යළිත් වරක් උසාවිය නොමග යැවීමේ උත්සාහයක නිරත වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටියි.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වූ මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන පරීක්ෂණය අද (30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නාටකය රඟදක්වා තිබේ.

විශ්ව ශක්ති වෙළෙන්දා හෙවත් කැලුම් වීරසිංහ මුලින් උසාවියට කරුණු දක්වා සිටියේ තමන්ට අයත් ගිණුම්වලින් සිදු වූ ගනුදෙනු 23ක් පිළිබඳව සැක සහිත බවයි. එහෙත් අධිකරණ නියෝග මත පවත්වනු ලැබූ ස්වාධීන විගණනය මගින් අනාවරණය වූයේ කැලුම් දන්නෙවත් නැතැයි කී මෙම මුදල් ගනුදෙනු සියල්ල ගැනම ඔහුගේ ජංගම දුරකතනයට SMS පණිවුඩ ලැබී ඇති බව, මාසිකව බැංකුවෙන් ගෙදරටම එවන ගිණුම් ප්‍රකාශනයේ එම සියලු ගනුදෙනු ගැන විස්තර අඩංගු බව සහ ඊට අදාළ සියලු ලේඛන ඔහු විසින් ම අත්සන් කොට ලබා දී ඇති බවත් ය. කැලුම්ගේ පළමුවැනි බොරුව එසේ නිරුවත් විය.

පළමුවෙනි බොරුව නිරුවත් වීමෙන් පසුව ලැජ්ජාව වසාගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වී සිටින කැලුම්ගේ පාර්ශ්වය අද දින උසාවියට පවසා ඇත්තේ තමන්ගේ සමාගමට ලබාගෙන ඇති වාහන 10කට අදාළ ණයවර ලිපි (LC) සම්බන්ධව තමන්ට සැක පවතින බව ය. ඒ ගැන වෙනම විගණනයක් කරන මෙන් විගණන ආයතනයට නියෝග කරන ලෙස ඔවුන් අද දින ඉල්ලා සිටින ලදී. හාස්‍යයට කරුණ වන්නේ කැලුම් වීරසිංහ හොර වෙදා පොලිසියට එදා මෙදා තුර ලබා දුන් එක කටඋත්තරයක වත් වාහන ගැන කිසිදු කතාවක් නැති වීමයි. එසේ නම් කැලුම් වීරසිංහට මේ වාහන 10 ගැන සැක මතුවූයේ අද උදේ උසාවි එන්න පෙර නාන කාමරයේදී දැයි අපට සිතේ.

කැලුම් වීරසිංහ හොර වෙදා මේ කරන වැඩේ තේරුම් ගන්න නීති උපාධියක් අවශ්‍ය නැත. කැලුම් වීරසිංහ මේ කරන්නේ එක එක දවසට “අරක සැකයි, මේක සැකයි” කියමින්, උසාවියේ කාලය නාස්ති කිරීමයි. බැංකුව වෙනුවෙන් අධිකරණයට සැළ කර ඇත්තේ ගරු අධිකරණයේ නියමය පරිදි බැංකුව දැනටමත් ස්වාධීන වෝහාරික විගණනයක් සිදුකරවා අදාළ අවසාන වාර්තාව ගරු අධිකරණය වෙත ලබා දී ඇති බවත්, ඊට අමතරව විගණනයක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සිය උපරිම සහයෝගය ලබාදිය හැකි බව සහ ඊට අදාළ සියලුම වියදම් කැලුම් වීරසිංහට දැරිය හැකි බවත් ය.

ගරු අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ද මේ දක්වා ඒ සම්බන්ධව කැලුම් වීරසිංහ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කොට නොමැති බවත් අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලීමක් CID වෙත කරන ලෙස සහ එකී ඉල්ලීමට අදාළව CID විසින් ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඒ සඳහා සුදුසු නියෝගයක් කිරීමට සලකා බලන බවයි.

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකක් ඕනෑ යැයි සිංහල ප්‍රස්තාව පිරුළක් ඇත්තේ නිකම් නොවේ.

 

Post Views: 13
Previous Post

69 බලාපොරොත්තු ඉටු කරන්න 3/2 ඕන බව අගමැති කියයි

Next Post

කොරෝනා රෝගීන් සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් කියයි

editor

editor

Next Post

කොරෝනා රෝගීන් සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved