අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට හෙට (06) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව මැදවල පැරණි සහ නව සේවා ජලාශ, ගල්ලෙනවත්ත සේවා ජලාශය, ගලගෙදර සේවා ජලාශය සහ මාවතගම සේවා ජලාශය යන ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මැදවල පැරණි සේවා ජලාශයට අයත් කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්‌ට සහ තලපැලැල්ලේගොඩ පාර යන ප්‍රදේශවලටත්, මැදවල නව සේවා ජලාශයට අයත් බටුගොඩ, ඇහැළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරංකහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද යන ප්‍රදේශවලටත් ජලය සැපයීම තාවකාලිකව නතර කෙරේ.
මීට අමතරව ගල්ලෙනවත්ත සහ ඛාන්අංග යන ප්‍රදේශවලටත්, ගලගෙදර, වැමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර යන ප්‍රදේශවලටත්, මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ලබයි.
මෙම කාලය තුළ අදාළ ප්‍රදේශවල පාරිභෝගිකයන් ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජල මණ්ඩලය ඉල්ලා සිටින අතර, වැඩි විස්තර සඳහා 1939 අංකය අමතා විමසීම් කළ හැක.














