ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දණ්ඩනය නියම කිරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය ලබා දී ඇත. 2022 වසරේදී අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කර තිබූ අතර, ඊට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මෙම නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණි.














