මීට වසර තුනකට පෙර සිදුවූ නායයෑමෙන් නිවාස අහිමි වී වසර තුනක් තේ කර්මාන්තශාලාවක අනාරක්ෂිතව ජීවත් වූ පූනාගල කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) ජනතා අයිතියට පත් කෙරේ.
එක් පවුලකට පර්චස් 10ක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 32ක පිරිවැයකින් යුතු වර්ග අඩි 550ක අංගසම්පූර්ණ නිවසක් බැගින් මෙහිදී හිමිවන අතර, නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා සෑම පවුලකටම රුපියල් 175,000ක් වටිනා අත්‍යවශ්‍ය ගෘහ හා මුළුතැන්ගෙයි උපකරණ කට්ටලයක් ද ලබා දී තිබේ. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සංකල්පයට අනුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.














