ප්‍රාදේශීය ආණ්ඩු ආයතනවල මූල්‍ය ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමේ අරමුණින් “පුනරුදය පුරවර” ජාතික වැඩසටහන යටතේ ආදායම් උත්පාදක ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා ආරම්භ කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත පමණක් යැපීම අවම කරමින් ප්‍රාදේශීය මට්ටමින් නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම මෙහි අපේක්ෂාවයි. 2026 අයවැය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සඳහා සාප්පු සංකීර්ණ, සූර්ය බලශක්ති පද්ධති, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සංචාරක පහසුකම් සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඇතුළත් වේ.














