2026 අගෝස්තු 18 වන දින කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිත පසුබිමක, AirlineRatings විසින් සංවිධානය කරන ලද 2026 ‘Flyers’ Choice’ සම්මාන උළෙලේදී වියට්ජෙට් සමාගම ‘Favourite Low-Cost Carrier’ සහ ‘Best Cabin Crew Uniform’ යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලබා ඇත. සංචාරකයින්ගේ ඡන්ද විමසීම් මත පදනම්ව තෝරාපත් කරගත් මෙම සම්මාන හරහා වියට්ජෙට් සන්නාමයේ උසස් ප්‍රමිතිය සහ ගුවන් කාර්ය මණ්ඩලයේ සුවිශේෂී සේවය මනාව තහවුරු වේ.
යුරෝපීය නිර්මාණකරුවන් විසින් සකස් කරන ලද, තරුණ ජවය සහ නවීන විලාසිතා අංග මුසු වූ සුවිශේෂී රතු පැහැති ගුවන් කාර්ය මණ්ඩල නිල ඇඳුම ගෝලීය වශයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනා ඇති අතර, එය මගීන්ගේ මතකයේ සදාකාලිකව රැඳෙන අංගයක් බව AirlineRatings හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙරොන් පීටර්සන් මහත්මිය පෙන්වා දෙයි.
නැවුම් ආහාර, පාන වර්ග සහ විවිධ පහසුකම්වලින් සමන්විත වියට්ජෙට් ගුවන් යානා මගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ටද නවීන අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව උදා වේ. අඛණ්ඩව ඉහළම තරු 7 ආරක්ෂණ ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති මෙම ගුවන් සේවය, සතියකට දින තුනක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, හරහා මගීන්ට ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන ගමනාන්ත රැසකට පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව ලැබී ඇත.














